තම පරිපාලනය යටතේ මිචලින් කර්මාන්ත ශාලාවේ දැනට සේවයේ යෙදෙන සේවක සේවිකාවන්ගේ රැකියා සියල්ල මුළුමනින්ම සුරක්ෂිත බව, ඉහත එම කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සීමා සහිත සියැට් සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සියැට් ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම කියා සිටී.
මේ ගනුදෙනුව යටතේ මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත්ව තිබෙන කැසෝ සන්නාමය යටතේ වන Off-Highway ඉදි කිරීම් උපකරණ ටයර් සහ ට්‍රැක් නිෂ්පාදන ව්‍යාපාරය මිල දී ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීමා සහිත සියැට්ස මාගම, මිචලින් ලංකා (පුද්ගලික) සමාගම සමග 2024 දෙසැම්බර් මස දී ගිවිසුමකට එළඹි බවද එම සමාගම නිවේදනය කරයි.
එම ගිව්සුමට අනුව මිචලින් ලංකා (පුද්ගලික) සමාගමට අයත් මිදිගම කර්මාන්ත ශාලාව, කොටුගොඩ පිහිටි කාස්ටිං කර්මාන්තශාලාව සහ එම සමාගම සතු අනෙකුත් මධ්‍යගත සේවා සපයන අංශ වල කොටස් කිහිපයකුත් සියැට් සමාගම සතු වන බව පැවසේ.
මිල දී ගැනීමෙන් පසුව සිදු වන සංක්‍රාන්තිය, සේවක සේව්කිවන්ගේ රැකියා සුරක්ෂිත භාවය සහ යහ පැවැත්මට ප්‍රමුඛත්වය ලබා දෙමින් සුමධ හා විනිවිද භාවයෙන් යුතුව සිදු විය යුතු බව සමාගමේ දැඩි විශ්වාසය බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව මෙම ක්‍රියාවලිය අතරතුර, සේවක අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් සියැටි ඕඑච්ටී ලංකා (පුද්ගලික) සමාගම, මීචලින් ලංකා (පුද්ගලික) සමාගම සහ අන්තර් සමාගම් සේවක සංගමය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට 2025 මැයි මස 22 වැනිදා අත්සන් තැබූ බවද පැවසේ.
සේවක මහත්ම මහත්මීන්ගේ 100% රැකියා සුරක්ෂිත භාවය, මීචලින් සමාගමේ පෙර සේවා කාලයේ අඛණ්ඩතාව, ජ්‍යෙෂ්ඨත්වය සහ වැටුප් හා වරප්‍රසාද අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙම අවබෝධතා ගිවිසුමෙන් තහවුරු කර ඇතැයිද දැක්වේ.
සේවක තෘප්තිමත් භාවය සහ ඔවුන්ව රැකබලා ගැනීම පූර්ණ අභිලාෂය කරගත් සියැටි සමාගම මෙම ගිවිසුමේ කොන්දේසි සර්වප්‍රකාරයෙන් සපුරාලීමට කැප වී සිටින අතර රටවල් 120කට අධික ප්‍රමාණයක් පුරා විහිදුණු තම ව්‍යාපාරික ජාලය හා අනෙකුත් සියලු සම්පත් උපයෝගී කරගනිමින් නව ව්‍යාපාර කටයුතුවල ශීඝ්‍ර වර්ධනයක් ළඟා කරගැනීමට ද කැප වී සිටින බව අවධාරණය කරයි.
ඉන්දියාවේ RPG සමූහ ව්‍යාපාරයට අයත් මුම්බායි කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි සීමා සහිත සියැට් සමාගම කාර් ටයර්, බස් හා ට්‍රක් ටයර්, මෝටර් සයිකල් හා ස්කූටර් ටයර් සහ Off-Highway ටයර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ප්‍රමුඛ පෙළේ සමාගමකි.
පූර්ණ රජයේ ආයතනයක්ව තිබූ කැලණි ටයර් සංස්ථාව මිලදී ගනු ලැබුවේද ඉන්දියානු සියැට් සමාගම විසිනි. 1993 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් සිදුවූ මෙය තරමත ආන්දෝලනාත්මක ගනුදෙනවක් සේ සැලැකේ.
කෙස්වුවද, මාතර මිදිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන Michelin Lanka Pvt Ltd ආයතනය විකිණීමට සූදානම් වන බව පවසමින් එහි සේවකයෝ පසුගියදා විරෝධතාවක්ද පවත්වා තිබිණි.
සබැදි පුවත්