වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පත්කර තිබේ.
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු විය.
ගාමිණී රණසිංහ මහතා දැනට කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට අමතරව ඔහු එම ධුරයට පත් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.