පුවත්

පේරාදෙණියේ හිටපු උපකුලපතිට හා පුතාට සරසවි සිසුන් ගහලා!

Published

on

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචි විශ්ව විද්‍යාල භූමියේ පිහිටි නිල නිවස ඉදිරියට ඊයේ (10) රාත්‍රී 10 ට පමණ පැමිණි විශ්ව විද්‍යාල සිසුන් 300 කට අධික පිරිසක් විරෝධතාවක් පවත්වා නිවසට හා හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරමේ සිද්ධියක් වාර්තාවන බව පේරාදෙණිය පොලිසිය කියයි. 

මෙම පහරදීමට හේතුවී ඇත්තේ හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා විසින් පැදවූ මෝටර් රථයකින් විශ්ව විද්‍යාල භූමියේ තිබූ විශ්ව විද්‍යාල සිසුන්ට අයත් යතුරු පැදි දෙකක් අනතුරට පත් කොට පලා ගිය වට වන සිද්ධියකි.

කෙසේ නමුත් පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් පැමිණ සිසුන් විසුරුවා හැර අනතුර සිදු කළා යැයි කියන විදුර සේනාරත්න යන අය පොලිස් බාරයට ගෙන තිබේ.

එම අවස්ථාවේ දී සිසුන් පහරදුන් බව සඳහන් කරමින් හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන අතර මහාචාර්යවරයාගේ පුත්‍රයා ද පහරකෑමට ලක්ව මහනුවර ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි. 

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

Trending

Exit mobile version