පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර මහතා අද (29) නියෝග කළේය.
ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණි.
සිද්ධියට සම්බන්ධ අදාළ විදුහල්පතිවරයාව නාවලපිටිය පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන අද (29) නාවලපිටිය මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නාවලපිටිය පදිංචි 47 හැවිරිදි විදුහල්පතිවරයෙකි.
සබැඳි පුවත්:
ළමයින්ට පොලිතින් කැවූ විදුහල්පති ගම්පොල යවයි
සිසුන්ට පොලිතින් හා පත්තර පිටු කවා දඬුවම් කරලා!