පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ව්‍යාවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබී ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදි ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමතිය හිමිව තිබේ. ව්‍යවස්ථාදායක සභාව ලබාදුන් මෙම අනුමැතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකිරීමට නියමිතය.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිල කාලය අවසන් වූයේ පසුගිය මාර්තු 26 වැනිදාය.