පුවත්

පොහොට්ටුවෙන් දැඩි තීරණයක්

Published

on

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට සැලසුම් කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති අතර ආසන සංවිධායක ධුර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිතය.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29) තීරණය කළේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටය.

Trending

Exit mobile version