පෝලිම්වල රැඳී සිටීමකින් තොරව ජනතාවට වඩාත් සුවපහසු ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි නව වැඩපිළිවෙළක් හඳුන්වාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
2023 මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත මෙම වැඩසටහන චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර, නව වැඩසටහන ක්‍රියාත්මක වූ පසු ප්‍රධාන ක්‍රම තුනක් ඔස්සේ ජනතාවට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ ගුණසිංහ මහතා පැවසීය.
මේ අනුව මාර්ගගතව මෙන්ම ස්වයං සේවා ප්‍රවේශපත්‍ර යන්ත්‍ර ඔස්සේ හා පෙරගෙවුම් කාඩ්පත් ලෙස මෙම දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.