බංග්ලාදේශයට ලකුණු 125ක ඉලක්කයක්!පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත් වේ.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 124 ක් රැස් කළේය.
බංග්ලාදේශයට තරගය ජය ගැනීමට නම් ලකුණු 125ක් ලබාගත යුතුය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 47ක් ලබාගත්තේය.