පුවත්

බක් පුර පසළොස්වක පොහොය අදයි !

Published

on

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව පැවැසේ.

එමෙන් ම  ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බවයි.

Trending

Exit mobile version