පුවත්

බදු නොගෙවා රටට සපත්තුගේන ජාවාරමක තොරතුරු හෙළිවෙයි

Published

on

විදෙස් රටවල නිෂ්පාදිත පාවහන් නීත්‍යානුකූල නොවන අයුරින් මෙරටට ආනයනය කර අලෙවි කිරීමේ මහාපරිමාණ ජාවාරමක් සම්බන්ධවෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

නියමිත බදු ගෙවීමකින් තොරව ඇතැම් රේගු නිලධාරීන් හා සම්බන්ධවෙමින් ඔවුන් එම ජාවාරමේ නිරතව ඇති බව සඳහන්ය.

විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි.

දේශීයව නිපදවන පාවහන් මිලට වඩා ඉතා අඩු මිලකට මෙලෙස ගෙන්වන ලද විදෙස් පාවහන් වෙළෙඳපොළට නිකුත් කරන බව සඳහන්ය.

මෙමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 35ක පමණ බදු ආදායමක් මෙරටට අහිමි වී ඇති බව “අද දෙරණ” වෙත වාර්තා වුණි.

Trending

Exit mobile version