පුවත්

බන්ධනාගාරගත කළ IPගේ කට කැපීම ගැන වාර්තාවක් ඉල්ලයි

Published

on

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කලේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බව සඳහන් වේ.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ලබන 19වෙනි දින ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලීසියට වැඩිදුරටත් නියෝග කර ඇත.

සබැඳි පුවත්

රිමාන්ඩ්එකේ ඉන්න IPගේ කට කපලා!

Trending

Exit mobile version