පුවත්

බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකුට නිදහස

Published

on

හෙටට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 350 දෙනෙකු විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක නිවේදනය කළේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස විශේෂ රාජ්‍ය සමාව පිරිණැමෙන බවය.

ඒ අනුව, දිවයිනේ සියලුම බන්ධනාගාර මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලැබූ සුළු වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු හෙට දිනයේදී නිදහස් කිරීමට නියමිතය.

මේ අතර, සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා හෙට දිනයේදී විශේෂ අවස්ථාවක් හෙවත් ඕපන් විසිටි අවස්ථාවක් ලබා දීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Trending

Exit mobile version