ගංවතුර තත්ත්වය පහවගොස් ඇති ප්‍රදේශවල පාසල් විවෘත කරන ලෙසට බස්නාහිර පළාතේ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් එම පාසල්වල විදුහල්පතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වේ.
පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ජූනි 03 දින නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.
මේ අතර, පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් අද (05) දිනයේද වසා දමා ඇත.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව ගාල්ල සහ මාතර සියලු පාසල් ද අද දිනයේත් වසා තැබෙන බවය.
රත්නපුර කලාපයේ සියලු පාසල් ද අද වසා තබන බව ඊයේ (04) නිවේදනය කරන ලදී.