කොළඹ වරායේ බණ්ඩාරණායක තටාකයේ ගබඩා සංකීර්ණය අසල බහාලුමක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
ගින්නෙන් බහාලුමේ භාණ්ඩ වලට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය කියා සිටී.
බහාලුම තුළ අන්තරයාකර ද්‍රව්‍ය තිබි ඇති අතර එය නිෂ්කාශනය සඳහා රැගෙන යන අවස්ථාවේ ගින්න හටගෙන ඇති බවද වාර්තා වේ.
පසුව වරාය ගිනි නිවිම් ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන්, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පැවසේ.
සිවුදින මෙහෙයුම….
මේ අතර, ගොඩගැසී ඇති කන්ටේනර් නිශ්කාශනය කිරීමේ සිව්දින මෙහෙයුමක් ක්‍රියාත්මක බව, ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඊයේ (30) ආරම්භ වූ එම මෙහෙයුම ලබන 02 වැනිදා දක්වා ක්‍රියාත්මක බවද පැවසේ.
පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාශනය කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇති.
එම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන්නැයි, ශ්‍රී ලංකා රේගුව, අදාළ සියලු පාර්ශවල වලින් ඉල්ලීමක් කළේ ය.
සබැඳි පුවත්