ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා සහ ඒ මහතාගේ බිරිද ප්‍රභූ පර්යන්තය පාවිච්චි කිරීම සඳහා එක් අයෙකුට ඩොලර් 200 බැගින් ඩොලර් 400 ක් ද, තේ පැන් සංග්‍රහය සඳහා මුදල් ද, ගෙවා ඇති බවත් එම සියලු පහසුකම් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ලබාගෙන ඇති බවත් සාගර කාරියවසම් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
(ලංකාදීප)
සබැඳි පුවත්
බැසිල් තාමත් යැපෙන්නේ ආණ්ඩුවෙන්; UNPයෙන් බැසිල්ට එකට එක කරයි