ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔහු අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ (EK-649) ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
ඔහු මෙම යානයට ප්‍රවේශය සඳහා ඇමෙරිකානු ඩොලර් 206ක් ගෙවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙ හි ‘ගෝල්ඩ් රූට්’ පර්යන්තයෙන් එම පහසුකම ලබාගෙන ඇති බව වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මහතා පළමුව ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත්, ඔහු ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සෑම විටම මෙම ගුවන් මාර්ගය භාවිත කරන බවත් ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.