පුවත්

බෙල්ල මිරිකා කතුන් 3ක් මැරූ අයෙක් අල්ලයි!

Published

on

ගෙල සිරකර කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

එම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප්‍රදේශයේදී ගෙල සිරකර කාන්තාවක් ඝාතනය කර දේපොළ කොල්ල කා ඇති බව පොලිසිය කියයි.

පසුව ඉකුත් පෙබරවාරි පළමුවැනිදා ඇල්පිටිය ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කර දේපොළ කොල්ලකෑමේ සිද්ධියට ද මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය සඳහන් කළේ ය. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ, යගිරල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරා ගන්නා ලද භාණ්ඩ පොලිසිය භාරයට ගෙන තිබේ. 

Trending

Exit mobile version