පුවත්

බේරේ වැවේ ජලයේ තත්ත්වය?

Published

on

බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) දිනයේදී නිකුත් කරන බව නාරා ආයතනය පවසයි.

එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ එම ජලයේ ඇමෝනියා සාන්ද්‍රණ ප්‍රමාණයේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බවය.

“ජලය අපවිත්‍ර මට්ටමක පවතින බව තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. කොහොම වුණත් ඒ සම්බන්ධ අදාළ වාර්තාව අද නිකුත් කරන්න පුළුවන් වෙයි.”

මේ අතර බේරේ වැවේ මියගිය පක්ෂීන්ගේන් ලබාගත් සාම්පල, පරික්ෂා කිරීම අරම්භකර ඇති බව ප්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය මොහොමඩි ඉජාස් මහතා පැවසීය.

එම පරීක්ෂණ වාර්තා ඉදිරි සති දෙක තුළ ලබාදීමට හැකිවනු ඇති බවය මොහොමඩි ඉජාස් මහතා සඳහන් කළේය.

Trending

Exit mobile version