Connect with us

පුවත්

බොරිස් ජොන්සන් අගමැති සටනෙන් ඉවත් වෙයි

Published

on

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව පවසයි.

නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ සඳහා ඉදිරිපත්වීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව ඔහු පැවසීය.

එසේම බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ලිස් ට්‍රස් පසුගියදා ඉල්ලා අස් වුණි.

ඒ ඇයගේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා ආණ්ඩුව තුළින්ම මතුවූ විරෝධය හේතුවෙනි.

මෙසේ බ්‍රිතාන්‍යයේ බලය කොන්සර්වේටිව් පක්ෂ සතුව ඇති අතර එහි නායකයා එරට අගමැතිවරයා ලෙස පත් වෙයි.

මේ වනවිට එම තනතුර සඳහා ඉදිරියෙන් සිටින්නේ රිශී සුනක් ය.

පුවත්

බොරතෙල් මිල අඩුවෙයි

Published

on

By

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් සියයට 3.76කින් ඩොලර් 68.79ක් දක්වා පහත ඇත.

මෙම අගය ජුනි 11න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණි.

ඒ අනුව, සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි.

මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ඊයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව පවසයි.

ඔවුන් පුරෝකථනය කරන්නේ පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසයේදී එල්ලවීමට හැකියාව පවතින බවය.

ඒ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබේ.

Continue Reading

පුවත්

විද්‍යුත් විකාශන සමුළුව හෙට කොළඹදී

Published

on

By

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) හෙට (25) කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක මහතා පවසයි.

විද්‍යුත් විකාශකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ බව පැවසීය.

විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ නව ප්‍රවණතා, නව මාධ්‍ය පැමිණිමත් සමග මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අභියෝග, සහ මාධ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසුවේය.

එමෙන්ම ශ්‍රී ලංකාව අනාගතයේ විද්‍යුත් විකාශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතය.

සැසි කිහිපයකින් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවත්, විදෙස් නිරීක්ෂකයින් මෙම සමුළුවට සහභාගීවිමට නියමිත බවද පැවසුවේය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ලේකම් ලක්සිරි විතානගේ, මාධ්‍ය විශ්ලේෂක හා උපදේශක නාලක ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජපුර බාහිර උපාධි නවතී

Published

on

By

ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ශ්‍ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි.

බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පවසා තිබේ.

ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය වැඩි දුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved