පුවත්

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්ද ඇතුළු පිරිස නිදහස්

Published

on

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා විත්තිකරුවන්ට දැනුම් දුන්නේ ය.

17 වැනි චෝදනාව ගොනුකර තිබුණේ, නීතිවිරෝධී T56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය සම්බන්ධයෙනි.

2018 ඔක්තෝබර් 11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, මහාධිකරණය විසින් ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට 2016 වසරේ සැප්තැම්බර් 08 වැනිදා අදාළ චෝදනාවට නියම කළ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම බල ශුන්‍ය වන බව, විනිසුරුවරයා පැහැදිලි කළේ ය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා මහතා, අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස කරුණු සළකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ ය.

Trending

Exit mobile version