ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී මේවන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නටාෂා එදිරිසූරියගේ ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වන මංජු නිශ්ශංක නමැත්තාගේ මාමණ්ඩිය වන “මොරිස්” නැමැත්තා ඒල්.ටී.ටී.ඊ. ඩෑස්පොරාවේ අයෙක් බවට බළන්ගොඩ කස්සප හිමියෝ චෝදනා කරති.
උන්වහන්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූහ.
ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ද කීහ.
“අපි කිව්වේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගන්න කියලා විතරක් නෙමෙයි මේකෙ පිටිපස්සේ ඉන්න මංජු නිශ්ශංක කියන්නේ කවුද?, නාලක ගොඩහේවාත් එක්ක මෙයාගේ තිබෙන සම්බන්ධය මොකක්ද? එතකොට මංජු නිශ්ශංකගේ මාමා අමෙරිකාවේ ඉඳන් කොහොමද සල්ලි එවන්නේ. මේගොල්ලෝ කොටි ඩයස්පෝරාවලට සම්බන්ධයි. ඒ නිසා මේ සිද්ධි සමුදායක් තිබෙනවා. කෝටි ගණන් වියදම් කරලා මොරිස් කියන මෙයාගේ මාමා, ඩයස්පෝරාවෙන් සල්ලි එවනවා. අනුර කුමාර මහත්තයා හම්බුණාට පස්සේ වෙලාවක මංජු නිශ්ශංක මතක් කරලා තිබෙනවා, බිලියන තුනක් වුණත් වියදම් කරන්න ලෑස්තියි කියලා. අපි කියනවා ඔබතුමා ඒ වෙලාවේ හිස නමපු නැති එක ගැන අපි ගෞරව කරනවා. අපි පැහැදිලිව කියනවා මේකෙ පිටි පස්සේ ඉන්න කොටි ඩයස්පෝරාව, බෝනගේන් කල්ලිය මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදිමත් පරීක්ෂණයක් කරලා මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්න ඕන කියලා.”
නටාෂා වේදිකාගතකළේ අමෙරිකාව – විමල් වීරවංශ
මේ අතර, “නටාෂා එදිරිසූරිය ” නැමැත්තිය තැනැත්තිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක මෙන්ම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිට ඇති බවත්, ඇය බුදුදහමට ගැරහීමට සැලසුම්සහගතව ගොඩනගා, වේදිකාගත කළ අයකු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබිණි.
ප්රශ්නය: බුදුදහමට අපහාස කිරීමේ කටයුත්ත පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද? ජාත්‍යන්තර බලවේග ද?
පිළිතුර: අර නටාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි”
සබැදි පුවත්
නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට
මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්