Connect with us

පුවත්

මංජු නිශ්ශංකගේ මාමණ්ඩි “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්

Published

on

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී මේවන විට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නටාෂා එදිරිසූරියගේ ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වන මංජු නිශ්ශංක නමැත්තාගේ මාමණ්ඩිය වන  “මොරිස්”  නැමැත්තා ඒල්.ටී.ටී.ඊ. ඩෑස්පොරාවේ අයෙක් බවට බළන්ගොඩ කස්සප හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූහ.

ඒ් සම්බන්ධයෙන් වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ද කීහ.

“අපි කිව්වේ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගන්න කියලා විතරක් නෙමෙයි මේකෙ පිටිපස්සේ ඉන්න මංජු නිශ්ශංක කියන්නේ කවුද?, නාලක ගොඩහේවාත් එක්ක මෙයාගේ තිබෙන සම්බන්ධය මොකක්ද? එතකොට මංජු නිශ්ශංකගේ මාමා අමෙරිකාවේ ඉඳන් කොහොමද සල්ලි එවන්නේ. මේගොල්ලෝ කොටි ඩයස්පෝරාවලට සම්බන්ධයි. ඒ නිසා මේ සිද්ධි සමුදායක් තිබෙනවා. කෝටි ගණන් වියදම් කරලා මොරිස් කියන මෙයාගේ මාමා, ඩයස්පෝරාවෙන් සල්ලි එවනවා. අනුර කුමාර මහත්තයා හම්බුණාට පස්සේ වෙලාවක මංජු නිශ්ශංක මතක් කරලා තිබෙනවා, බිලියන තුනක් වුණත් වියදම් කරන්න ලෑස්තියි කියලා. අපි කියනවා ඔබතුමා ඒ වෙලාවේ හිස නමපු නැති එක ගැන අපි ගෞරව කරනවා. අපි පැහැදිලිව කියනවා මේකෙ පිටි පස්සේ ඉන්න කොටි ඩයස්පෝරාව, බෝනගේන් කල්ලිය මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදිමත් පරීක්ෂණයක් කරලා මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්න ඕන කියලා.”

නටාෂා වේදිකාගතකළ‌ේ අමෙරිකාව – විමල් වීරවංශ

මේ අතර, “නටාෂා එදිරිසූරිය ” නැමැත්තිය තැනැත්තිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක මෙන්ම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිට ඇති බවත්,  ඇය බුදුදහමට ගැරහීමට සැලසුම්සහගතව ගොඩනගා, වේදිකාගත කළ අයකු බවත්  ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබිණි.

ප්‍රශ්නය: බුදුදහමට අපහාස කිරීමේ කටයුත්ත පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද? ජාත්‍යන්තර බලවේග ද?

පිළිතුර: අර නටාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි “සුද්ධෝදනගෙ කොලුවා” කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි”

සබැදි පුවත්

නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට

මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්

පුවත්

අද හවසට ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ අද (22) ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved