Connect with us

පුවත්

මක්කම ගිය 14 ක් මරුට – තවත් 17 ක් අතුරුදන්

Published

on

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉස්ලාම් වන්දනාකරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් වන්දනාකරුවන් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.

මේ වන විට සෞදි අරාබියට බලපා ඇති අධික උෂ්ණත්වය මෙම මරණ සඳහා හේතු වී තිබේ.

එහි උෂ්ණත්වය  සෙල්සියස් අංශක 47 දක්වා ඉහල ගොස් ඇති අතර මෙම තත්ත්වය දිගටම පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි එරට රජය පවසයි.

සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය උපදේශනයක් නිකුත් කරමින් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ දවසේ ඉහළ උණුසුම් තත්ත්වයක් පවතින පෙරවරු 10 සිට පස්වරු 04 දක්වා කාලය තුළ එළිමහනේ සිටීමෙන් වළකින ලෙසය.

මක්කම වන්දනාව යනු ලොව ඉස්ලාමීය භක්තිකයන් විශාල ලෙස ඒකරාශී වීම් සිදුවන ස්ථානයකි.

මෙම වසරේ මක්කම වන්දනාව සඳහා මිලියන 01යි දශම 08කට අධික වන්දනාකරුවන් පිරිසක්  සහභාගී වී ඇති බවයි වාර්තා වේ.

එමෙන්ම පසුගිය වසර 30 තුලදී තෙරපීම්, කූඩාරම් ගිනි ගැනීම්, සහ අධික උණුසුම හේතුවෙන් සිය ගණනක් පිරිස්  මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අල්-අබ්දුලාලි පවසන්නේ, මේ වනවිට වන්දනාකරුවන් 2,760කට අධික  පිරිසක් උෂ්ණත්වය හේතුවෙන් පිඩා විදින බවයි.

මෙම වසරේ හජ් උත්සවය අතරතුර මක්කම වන්දනාවේ ගිය ඉරාන වන්දනාකරුවන් 05 දෙනෙකු ද මිය ගොස් ඇති බව එරට රතු ක්‍රෙසන්ට් සංවිධානය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඔවුන් මිය ගියේ කෙසේද යන්න ඉරාන රජය තවමත් ප්‍රකාශ කර නැත.

මේ පිළිබඳව ජෝර්දානයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ මක්කම වන්දනාවේ ගොස් මිය ගිය ජෝර්දාන වැසියන්ගේ දේහයන් සෞදි අරාබියේදී භූමදාන කිරීමට හෝ දේහයන් ජෝර්දානයට ගෙන්වා ගැනීමට සෞදි බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ජා කරන බවය.

පුවත්

මීළඟ පියවර ගැන IMF මතක් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Published

on

By

වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදෙන ලදී.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතී.

නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරනු ලැබූ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය.

එබැවින් වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලැබූ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Published

on

By

අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved