පුවත්

මඩකලපුව වෙරළට මසුන් ගොඩ ගසයි

Published

on

උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල මසුන් රැසක් වෙරළට ගොඩගසා ඇති බව නාරා ආයතනය පවසයි.

නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.අරුලානන්තන් මහතා සඳහන් කළේ මෝසම් කාල වෙනස් වීමත් සමග ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩු වීමත් සමඟ මෙලෙස මසුන් වෙරළට ගොඩ ගසා ඇති බවය.

මඩකලපුව, කලුවංචිගුඩි, කළුතාවෙල, තේටතිව්, කුරුක්ලමඩම්, ඔන්ටාචිමඩම් ඇතුළු ප්‍රදේශවලට මසුන් ගොඩ ගසා ඇති බවයි වාර්තා වේ.

පොතුබරි හෙවත් මුහුදු කුකුළා නැමති මාලු විශේෂය මෙලෙස ගොඩ ගසා තිබේ.

සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝම්බර් මාසය තුළ මෙම සිදුවීම වාර්තා වන අතර ජල මට්ටමේ සිට 10ම් ක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙමඟින් බලපෑම් එල්ල වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Trending

Exit mobile version