පුවත්

ඉන්දියාවට හරවා යැවු ගුවන් යානා 02ක යළි දිවයිනට (Update)

Published

on

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක නැවතත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙලෙස හරවා යැවුණේ ඉන්දුනීසියාවේ හා මාලදිවයිනේ සිට කටුනායකට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානා දෙකකි.

කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් යානා හරවා යැවීම සිදුකර ඇති අතර මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දීය ගුවන් තොටුපොළක් වෙත ගුවන් යානා හරවා යැවූ පළමු අවස්ථාව මෙය බව සැලකේ.

ඒ අනුව අදාළ ගුවන් යානා දෙක ඊයේ (30) රාත්‍රියේම යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

සබැඳි පුවත් :

මත්තලට ආ ගුවන් යානා 2ක් ඉන්දියාවට හරවා යවලා

————————————————-

(පෙර පුවත : 2023 ඔක්තෝම්බර් 31 පෙ.ව. 7:02)

මත්තලට ආ ගුවන් යානා 2ක් ඉන්දියාවට හරවා යවලා

අධික වැසි සහිත කාලගුණයත් සමග මෙරටට පැමිණෙමින් තිබූ ගුවන් යානා දෙකක් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපලට හරවා යැවීමට පියවර ගෙන තිබේ.

මෙලෙස හරවා යැවුණේ ඉන්දුනීසියාවේ සහ මාලදිවයිනේ සිට  කටුනායකට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානා දෙකකි.

මත්තල ප්‍රදේශයටත් දැඩි ලෙස වැසි ඇද හැලීම හේතුවෙන් මේ ගුවන් යානා දෙක ඉන්දියාවට හරවා යවා ඇත.

Trending

Exit mobile version