මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් රුසියා ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේ පැවති සාකච්ඡා සාර්ථක වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා කියා සිටී.
ඒ අනුව ඉදිරියේදි එම සමාගම සමග ගිවිසුමකට එළඹීමට නියමිත බවද ඔහු හෙළිකර ඇත.
මේ යටතේ මත්තල ගුවන්තොටුපොළේ සියලු මෙහෙයුම් අදාළ සමාගම විසින් සිදු කරණ බවත් ඔහු අනාවරණය කර තිබේ.
එහි සේවයට යොදවා ඇති ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමද එම සමාගම විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ලැබෙන අදායමෙන් කොටසක් රජයට හිමිවන බව ලේකම්වරයා පෙන්වා දී ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නඩත්තුවට වාර්ෂිකව රජය රු. මිලියන 2000ක් වැය කරන අතර නව වැඩපිළිවෙළත් සමඟ එම මුදල ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.