පුවත්

මන්නා රොෂාන් හා තැඹිලි නිමේෂ් වෙඩි කා මරුට

Published

on

පාදුක්ක තුන්නාන වෙන්දේසි ඉඩමක් තුළදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනකු ගේ මල සිරැරු ⁣සොයාගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

කැබ් රථය තුළ සිටියදී කිසියම් පිරිසක්  වෙඩි තබා ඝාතනය කර පලා ගොස් ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන හංවැල්ල නිරිපොල පදිංචිකරුවකු වන කේ.ඩී රෝහන් ඉන්දික(මන්න රොෂාන්) 37 හැවිරිදි පුද්ගලයකු සහ තැඹිලි වෙළදාමේ නිරත ව සිටි සුපුන් නිමේෂ් නැමැති 30 හැවිරිදි අයෙකි.

Trending

Exit mobile version