පුවත්

මස් කඩේ කළුවා මරන්න කොන්ත්‍රාත් දුන්න අය අල්ලයි

Published

on

රත්මලාන දුම්රියපොළ අසලදී මස් කඩේ කළුවා නමැති පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අපරාධයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකි.

අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය 21 වනදා රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට වෙළෙඳසැලක් තුළ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

සබැඳි පුවත්
රත්මලානේ වෙඩි තැබීමකින්  අයෙක් මරුට

Trending

Exit mobile version