විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ගෙවීම සඳහා මහපොළ භාරකාර අරමුදලින් රුපියල් කෝටි 31ක මුදලක් ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම මුදල නිකුත්කර තිබෙන අතර, විශ්වවිද්‍යාල සිසුන්ට මාර්තු සහ අප්‍රේල් යන මාසවල මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමට එම මුදල් යොදා ගන්නා බව එම අමාත්‍යංශය කියයි.
ඒ අනුව, මහපොළ ශිෂ්‍යාධාර මුදල් නුදුරේදීම සිසුන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.