මහාවංසය’ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් බවට ප්‍රකාශ කර තිබේ.
ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමික අනුපිළිවෙලින් ඉදිරිපත් කරන ලොව දීර්ඝතම නොබිඳුණු ඓතිහාසික වාර්තාවලින් එකක් සේ මහා වංශය සැලැකේ.
මහාවංසය දකුණු ආසියාවේ එවැනි පළමුවැන්න බවත්, යුනෙස්කෝව පවසයි.
ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 අතරට මහාවංශය ද ඇතුළත් කර ඇත.