2024 ජනාධිපතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගෙන් රට ගොඩගෙන මේ රටේ ජනතාවගෙත් ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා බව මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ජනාධිපති අපෙක්ෂක රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය උදෙසා නාවලපිටිය ප්රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්විමක් අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පවසා තිබුණි.
තවද රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවක එම අභියෝගයට මුහුණ දීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක එම අභියෝගය භාරගත් එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා බවද ඔහු සඳහන් කලේය.
මෙහිදී අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ඉහළ දමමින් කටයුතු කළ රනිල් වික්රමසිංහ මහතා ඉදිරි වසර පහ සඳහාත් ජනාධිපතිවරයා වශයෙන් පත්වුණොත් රට සහ සියළුම ජනතාව ගොඩයන බවය.
එමෙන්ම තමන් රනිල් වික්රමසිංහ මහතා දිනවීමට එතුමා සමඟ එක්වුවද තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන බවත්, රට ගැන සිතා ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.