පුවත්

මහින්ද – ගෝඨා ඇතුළු 4කට කැනඩාවෙන් සම්බාධක!

Published

on

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනඩාව ප්‍රකාශ කර තිබේ.

කැනේඩියානු රජය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ 1983 – 2009 අතර ශ්‍රී ලංකාවේ පැවති යුද සමය අතරදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට මෙම සම්බාධක පනවා තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ අනුව, කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් නිශ්චලනය (freeze) කෙරෙනු ඇති බවත්, සංක්‍රමණ සහ සරණාගතයින් ආරක්ෂණ පනත යටතේ ඔවුන්ට කැනඩාවට ඇතුළුවීමට නොහැකි වනු ඇති බවත්ය.

Trending

Exit mobile version