මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම අප්‍රේල් 20 – 30 දා දක්වා දින 10ක කාලයක් සඳහා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
රාජපක්ෂ මහතාට දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා මෙම අවසරය ලබාදෙන ලෙස එම මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේ පසුගිය වසරේදී ගෝඨා ගෝ ගමට සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධවයි.