පුවත්

මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව  පසුගිය වර්ෂයේදී කෝටි සීයකට  වැඩි පාඩුවක් ලබා ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය.

සිය වැටුප්  70%කින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  මෙලෙස  කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

Trending

Exit mobile version