2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වේ.
පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන්හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක් ලෙස ඊයේ (07) සහ අද (08) අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.
ඒ අනුව, තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී තැපැල් ඡන්ද මෙතෙක් සලකුණු නොකළ ඡන්ද දායකයින්ට අද දිනය තුළ ද ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය , විදේශ ගමන් බලපත්‍රය භාවිත කළ අනන්‍යතාවය තහවුරු කිරීම මඟින් තැපැල් ඡන්දය මෙතෙක් භාවිතා නොකළ අයට අද දිනයේ ඡන්දය භාවිතා කළ හැකිය.
මැතිවරණ කොමිසම නිකුත් කළ තාවකාලික හැදුනුම්පත සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ තහවුරු කිරිමේ ලිපිය ද ඒ සඳහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.