පුවත්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Published

on

එළඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාරදීම අද (23) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම තැපැල් ජන්ද අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු භාර ගෙන කඩිනමින් සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කළේය.

මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම මේ මස 30, නොවැම්බර් 01 හා 4 යන දිනවලදී සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම දින දෙකේදී තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ජන්ද දායකයින්ට නොවැම්බර් 7 හා 8 යන දිනවලදී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version