පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා හා අඟහරුවාදා ද වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පවසයි.
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගෙන ඇත.
එහිදී මාතර හා අකුරැස්ස කලාපයේ බොහෝ පාසල් වල දරුවන් හා අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව අනාවරණය විය.
සබැඳි පුවත් :
හෙට – අනිද්දා මාතර පාසැල් වැසේ