පුවත්

ගින්න නිසා වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය යළි විවෘත කෙරේ

Published

on

අකුරන අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – මාතලේ මාර්ගය මේ වන විට යළි විවෘත කර ඇති බව පොලීසිය දැනුම් දී තිබේ.

එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය අද (05) පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කලේය.

පොලිසිය සඳහන් කළේ ගින්න තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිරයාම හේතුවෙන් මෙ‌ලෙස මාර්ගය තාවකාලිකව වසාදැමීමට කටයුතු කළ බවය.

අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ අද උදෑසන 6.30ට පමණ ගින්න හටගෙන තිබුණි.

ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ කැඳවා තිබු අතර දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට ඔවුන්ට හැකිවු බවට වාර්තා වේ.

කෙසේ වෙතත් ගිනිගත් අවන්හල අසල පිහිටි තීන්ත අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානි සිදුවි තිබේ.

ගින්නෙන් විනාශ වූ ගොඩනැගිලිවල අබලි ද්‍රව්‍ය තවදුරටත් මාර්ගයට කඩා වැටීමේ අවදානම හේතුවෙන් එම මාර්ගයේ අකුරණ ප්‍රදේශය පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රථ වාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

ගින්නෙන් පුද්ගල හානි වාර්තා වී නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණ වී නැත.

————————–

(මුල් පුවත පෙ.ව. 9:31,ජුලි 5 2024)

මාතලේ – මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ

අකුරණ නගරයේ ආපන ශාලාවක ගින්නක් අද (05) හටගෙන තිබේ.

මෙම ගින්න පැතිරයාම හේතුවෙන්, මාතලේ – මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

Trending

Exit mobile version