ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, විදුල ළමා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ ඉඳුනිල් ජයවර්ධන මහතාගේ දේහය මෝදර වෙරළ ප්‍රදේශයේ තිබී අද (05) හමුවී තිබේ
පොලීසිය පවසන්නේ මෝදර ලෙල්ලමේ තිබී ඔහුගේ සිරුර හමුවී ඇති බවයි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති ඔහු දින දෙකක් තිස්සේ නිවසින් අතුරුදන් වී සිට ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව, ඒ බව නිවැසියන් පොලිසියට පැමිණිලි කර තිබී ඇති බව පොලීසිය පවසයි.
ඔහුගේ මරණය සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා පොලිසීය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.
ඉඳුනිල් ජයවර්ධන මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු මීට පෙර ලක්බිම පුවත්පත, ස්වර්ණවාහිනී යන මාධ්‍ය ආයතනවලද සේවය කර තිබේ.