මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. .
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන එම නිවාසවලට ජල සැපයුම සම්බන්ධයෙන් පැවති ජල කාන්දුවක පාඩුවක් එම නිවාසවල පංචිකරුවන්ගේ බිලට එකතු කර එයට ප්‍රමාද ගාස්තුවක් ද එකතු කිරීමෙන් මෙම තත්වය උද්ගත වූ බව එහි පදිංචිකරුවෝ පවසති.
මෙම ප්‍රමාද ගාස්තු එකතු කිරීමත් සමඟ ජල ගාස්තුව ලක්‍ෂ ගණන් වූ බවත් පදිංචිකරුවන්ගේ ඉල්ලීමෙන් අනතුරුව අදාල බිල් වලින් සැළකිය යුතු ප්‍රමාණයක් අඩු කර තිබුණත් ප්‍රමාාද ගාස්තුව කපාහැර නොතිබූ බව පදිංචිකරුවෝ කීහ.
ජල ටැංකියක කාන්දුවක පාඩුව පාරිභෝගිකයන්ට එකතු කිරීම සහ එයට ප්‍රමාද ගාස්තුවක් අය කිරීම දැඩි අසාධාරණයක් බවත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින ජනතාව මෙවැනි අසාධාරණ ආකාරයට අපහසුතාවට පත්කිරීම අනුමත නොකරන බවත් පදිංචිකරුවෝ සඳහන් කළහ.
මෙම ජල සැපයුම විසන්ධි කිරීම පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ එම නිවාසවල ජල බිල්පත්වල තිබූ ප්‍රශ්නයක් විසඳූ බවත් ජල සැපයුම විසන්ධි කිරීම ගැන තමා දැනුවත් නැති බවයි.