පුවත්

මැක්කන් නිසා පාසලක් වැහෙයි

Published

on

බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ පන්ති කාමරය තුළ සහ විදුහල් පරිශ්‍රය තුළ මේ දිනවල බලු මැක්කන් විශාල ලෙස බෝවී ඇති නිසා අද (28) සහ හෙට (29) මෙම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

පාසලේ සිටින සුනඛයන්ගෙන් මෙම මැක්කන් බෝ වී ඇති අතර මේ නිසා සිසුන්ට පන්ති කාමර තුළ අධ්‍යයන කටයුතුවලට බාධා මතුව තිබේ.

මේ නිසා රේවත ජාතික පාසලේ විදුහල්පතිනියගේ උපදෙස් පරිදි මැක්කන් මර්දනය සඳහා රසායන ද්‍රව්‍ය යොදා විදුහල් පරිශ්‍රය හා පන්ති කාමර පිරිසිදු කර ඇත.

එම නිසා 28 සහ 29 දෙදින තුළ විදුහල වසා දමා ඇති බව විදුහල්පතිනිය පවසයි.

(අරුණ)

Trending

Exit mobile version