Connect with us

පුවත්

මැති ඇමතිලා 20ක් අවුරුදු කන්න රට ගිහින්; කට්ටියක් වාහන පර්මිට් ඉල්ලා හැපෙයි

Published

on

මැති ඇමතිවරුන් 20කට වැඩි පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගතව ඇතැයි වාර්තා වේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් හා මනිත්‍රී ජනක බණ්ඩාර ‍ තෙන්නකෝන් මෙසේ විදෙස්ගතව ඇති මැති ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙකි.

මන්ත්‍රීවරු පිරිසක් මෙලෙස රට ගොස් ඇත්ත‍ේ විදේස් රටවල අධ්‍යාපනය ලබන සිය දූ දරුවන් දැක බලා ගැනීමට බවද පැවසේ.

පාර්ලිමේන්තුව ඉකුත් 03 වැනිදා රැස්වීමෙන් පසුව ලබන 24 වැනිදා දක්වා කල් තැබණි.

ඒ අනුව සති 3කට ආසන්න කාලයක් ඔවුන්ට නිඩාඩු ලැබිණි.

මැති ඇමතිවරු පිරිසක් නිවාඩු ගත කිරීමට නුවර එළියට ගොස් ඇති බවද වාර්තා වේ.

වාහන පර්මිට්…

මේ අතර, මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලා ඇතැයි ද පැවසේ.

මේ අනුව මෙම කාරණය පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙති.

ඉදිරි මැතිවරණවලදී දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුවේ එකම වාහනයක් හෝ නැති නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සිටින බවද මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් කාලයක් තිස්සේ ලැබිණ.

එහෙත් රටේ පවතින ආර්ථික තත්වය මත එම වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර නවයකට පමණ පෙර සිට නතර කෙරිණ.

අවසන් වරට බලපත්‍රය නිකුත්කර ඇත්තේ 2015 වර්ෂයේදීය.

මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදෙන්නැයි පසුගිය කාලය පුරා වරින් වර ඉල්ලීම් කළද රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත්තේය.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඉල්ලීම් කතා කෙරෙන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවද මාස ගණනාවකින්ම රැස්වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එසේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කර ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් පැවසේ.

වාහන බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීම නිසා ඡන්ද වියදම් සඳහා මුදල් සොයාගැනීම දුෂ්කරවී ඇතැයි මන්ත්‍රීවරු පෙන්වාදෙති.

ඡන්දෙට කලින් වාහන බලපත්‍රය නොලැබුණහොත් මැතිවරණවලට තමන් ඉදිරිපත් නොවන බව මන්ත්‍රීවරු කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කර ඇත.

රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සඳහා මුදල් වෙන්කිරීම මුදල් අමාත්‍යංශය තාවකාලික අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශයට නිතර පැමිණ වාහන බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කරන බවද ඔහු සඳහන් කළේය

මේ අතර, අධික ඉන්ධන මිල හේතුවෙන් බොහෝ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට සහ විවිධ උත්සවවලට සහභාගීවීමද සීමාකර ඇතැයි වාර්තා වේ.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved