Connect with us

පුවත්

බැද්දගේ ග‍ේ සිංදුව විකෘතිකර ඇත්තේ සුරාබදු නිලධාරියෙක්

Published

on

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මූලාශ්‍රය – අදදෙරණ

පුවත්

අද සිට ඉන්ධන මිලේ වෙනසක්

Published

on

By

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30)  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420කි.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333කි. 

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215ක් වෙයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරයේ පෙරහුරුව සිදු වුනේ 2008 දී ( වීඩියෝ )

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පසුගිය පාර්ලිමේන්තු සභාවාරයකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. 

ඒ මහතා කියා සිටියේ, පාස්කු ප්‍රහාරයේ පෙරහුරුව සිදුවූයේ 2008 වසරේ දී බවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන විමර්ශනය කළහොත් 2005 සිට පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා වූ සියලු ඝාතනවල සත්‍ය තොරතුරු දැන ගැනීමේ හැකියාව ඇති බවත් ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ දෙවන දිනයේ දී මන්ත්‍රීවරයා මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකලේය.

( වීඩියෝ  –  Sandeshaya by Saroj – සරෝජ් සමග සංදේශය)  

Continue Reading

පුවත්

ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

Published

on

By

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමිනි.

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව කටයුතු කල අතර,

එම තීරණයට එරෙහිව නීතිඥවරයෙකු  ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වමට දින නියම කෙරුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved