පොලිසිය සාක්ෂි ලෙස ලබාගන්නා වීඩියෝ මාධ්‍යට මුදා හැරීමට අයිතියක් නොවන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.
වාහනයක් ගාල් කිරීමේදී කාන්තාවක් විසින් කරනු ලබන වරදක් සම්බන්ධයෙන් එම කාන්තාව සමඟ සිදුවූ බහින් බස්වීමක් කුමාර නැමැති පොලිස් කොස්තාපල්වරයෙක් (PC 29899) විසින් වීඩියෝ කර මාධ්‍යට මුදා හැරීම සම්බන්ධෙයන් කුරුකුලසූරිය මහතා මේ සටහන තබා තිබේ.
ඔහු සිය සටහන මගින් වැඩිදුරටත් කියා සිටින්නේ අදාළ කොස්තාපල්වරයා අධිකරණයට ගනයා යුතු බවයි.
අදාළ සම්පූර්ණ සටහන පහත දැක්වේ.