අද (11) අලුයම හල්දුම්මුල්ල බත්ගොඩ දී පාසල් එමින් සිටි දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පැන්නීම හේතුවෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විදුහලේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 10 සහ 11 වියේ පසුවන සිසුන් පස් දෙනෙකු මෙසේ රෝහල් ගතකර ඇති අතර, ඔවුන් ගේ තත්වය එතරම් බරපතල නොවන බව වාර්තා වේ.
මෙම දරුවන් බත්ගොඩ මංසන්ධියේ සිට විදුහලට පාගමනින් එන අතරවාරයේ පුද්ගලයෙකු විසින් දක්කාගෙන ආ මීහරක් රංචුවක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇත.
හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.