මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද (02) සිට සිය සේවා කටයුතු වලින් ඉවත්වී තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත්, බලපෑම් හේතුවෙන් ඉල්ලා අස්වීමට සිදු වූ සරවණරාජා මහතාට යුක්තිය ඉටුකරන ලෙසත් ඉල්ලා අද (02) කිලිනොච්චිය නගරයේදී ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව විරෝධතාවකද නිරත විය.
රජය විසින් අධිකරණයට ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් එහි ස්වාධීනත්වයට බලපෑම් සිදුකරන බවත් ආණ්ඩු පක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ විවිධ ආකාරයෙන් අධිකරණයට හා විනිසුරුවන්ට සිදුකළ එවැනි බලපෑමක ප්‍රතිඵලයක් ලෙස මුලතිව් මහෙස්ත්‍රාත්වරයාට සේවය අතහැරයාමට සිදුවූ බවත් විරෝධතාකරුවන් පවසයි.
එමෙන්ම රජය විසින් අධිකරණයට බලපෑම් කරන්නන් සහ මහෙස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව චෝදනා එල්ලවන පාර්ශව වෙත කඩිනමින් පියවර නොගතහොත් ඉදිරියේදී උතුරු පළාත තුල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත් :
මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන නීතිඥ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි
මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම ගැන ලෝකෙම කතා කරන්න ගනියි