පුවත්

මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන නීතිඥ සංගමය පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

මුලතිව් මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු – ටී. සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් සරවනරාජා මහතා පසුගිය 29දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණි.

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුත්ත මෙන්ම කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ සිදුකෙරුණේ සරවනරාජා මහතා ඉදිරියේය.

සරවනරාජා මහතාගේ හදිසි ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පාර්ශව රැසක්ම සිය කනස්සල්ල පළ කර තිබුණි.

සබැඳි පුවත් :

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම ‌‌ගැන ලෝකෙම කතා කරන්න ගනියි

Trending

Exit mobile version