කැලීන් බේබි (Calin Baby) සබන් මිලදී ගැනීමේදී සහ භාවිත කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සබන් වාර්ගයේ කාණ්ඩ අංක CBAPE002 දරණ නිෂ්පාදනවල සටහන් TFM අගය සම්බන්ධව කළ රසායනාගාර පරීක්ෂාවකට අනුව එම නිපැයුම්වල ලේබලයේ සටහන් TFM අගය නොමැති බව සනාථ වී ඇති බවයි.
ඒ පිළිබඳව නිෂ්පාදන සමාගම විසින් අධිකරණයේදී සිය වරද පිළිගත් බවද එම නිවේදනය සඳහන්ය.
පාරිභෝගික අධිකාරියේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම සබන් මිලදී ගැනීමේ දිහා භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි.