පුවත්

මෙරටට එන අයට තිබූ කොවිඩ් නීති කිහිපයක් ලිහිල් කරයි

Published

on

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇති පරිදි, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වේ.

මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව, රටට ඇතුළුවීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ කොවිඩ් අසාදිතයෙකු නොවන බවට කළ පරීක්ෂණ වාර්තාව ද මින්පසු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවද එම නිවේදනයේ සඳහන්ය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙරටට පැමිණි පුද්ගලයෙකු රටට ඇතුළුවීමෙන් පසුව කොවිඩ් ආසාදිත යැයි තහවුරු වුවහොත්, එම පුද්ගලයා සිය පෞද්ගලික වියදමෙන් දින 07 ක් නිරෝධායනය විය යුතු බවයි.

Trending

Exit mobile version