Connect with us

පුවත්

මෙරට කඩොලාන වැවීමේ ව්‍යාපෘතියට විශාල ජයක්

Published

on

වසර කිහිපයක් පුරාවටම මෙරට සිදුකෙරෙන කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එක්සත් ජාතීන්ගේ “වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්” (World Restoration Flagship) වැඩසටහනක් හතෙන් එකක්  ලෙස ඇගයීම් සම්මානයට පාත්‍රවී තිබේ.

2024 පෙබරවාරි 27දා කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.

ශ්‍රී ලංකාවට එම සම්මානය හිමිවීම සුවිශේෂී සංරක්ෂණ කඩයිමක් ලෙස හැදින්වේ.

2004 සුනාමි ඛේදවාචකයෙන් පසුව ශ්‍රී ලංකාව විසින් පුළුල් ලෙස කඩොලාන ශාක රෝපණය කිරීමට ආරම්භ කර තිබුණු නමුත්, එම පැළ වලින් දළ වශයෙන් ඉතිරි වී තිබුණේ සියයට තුනක් පමණක් බව පෙන්නුම් වීමෙන් කඩොලාන සිටුවීමේ සිට ඒවා පෝෂණය කිරීම දක්වා වූ ක්‍රියාවලියේ උපක්‍රම වෙනස් කිරීමට කටයුතු යෙදුනි.

2015 සිට ඇරඹුනු මෙම කඩොලාන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින්, ඕස්ට්‍රේලියානු හා බ්‍රිතාන්‍ය රජයන් ගේ සහයද ඇතිව මේ වන විට හෙක්ටයාර 500ක පමණ ප්‍රදේශයක කඩොලාන ශාක රෝපණය කිරීමට සමත් වී ඇත.

UN World Restoration Flagship වැඩසටහනක් ලෙස ඇගයීමට ලක්වීමත් සමග මෙම ව්‍යාපෘතියට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහය හිමිවේ. එය, මෙම 2030දී කඩොලාන හෙක්ටයාර 10,000ක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඇති මෙම ව්‍යාපෘතියේ ඉලක්කය දක්වා යාමට ඉවහල් වනු ඇත. ඊට අමතරව මෙමගින් නිවාස 5,000කට ප්‍රතිලාභ ලබා දෙමින්, නව රැකියා 4,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කෙරේ.

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading

පුවත්

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී (UPDATE)

Published

on

By

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස පළමුවැනි රැස්වීම් සතියේ දෙවැනි රැස්වීම් දිනය ලෙස අද (09) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද  පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

පෙ.ව. 11.30 සිට  ‍ප.ව. 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 6ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර තිබේ.

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින්  ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කිරීමට අදාළ යෝජනාව
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම ඉහළ නැංවීමේ වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව
  3. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින්  ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා මගින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අදාළ යෝජනාව
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව
  5. පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස්රථ පමණක් මෙරටට ගෙන්වීමට අදාළ නීති සකස් කිරීම පිළිබඳ යෝජනාව
  6. පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන “සංවර්ධන යෝජනා” නමින් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා ඉදිකර ඇති එහෙත් කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ලද සියලුම ගොඩනැගිලි මහජන ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම සඳහා කටයුතු කිරීමට අදාළ යෝජනාව මෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න දෙකක් සඳහා කාලය වෙන්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved